මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී සිදුවූ මුදල් සොරකමට අදාළව සැකකරුවෙක් රුපියල් කෝටි 3කට අධික මුදලක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් ආරක්ෂිතව ප්‍රවාහනය කරනු ලබන පුද්ගලික ආයතනයක රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු රුපියල් කෝටි 7 හමාරක පමණ මුදලක් සොරකම් කර පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව ගම්පහ කඩුවන්ගහ ප්‍රදේශයේ දී සැකකරු අතඅඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 420ක් සමග.
සැකකරුගෙන් සිදුකළ විමර්ශනවලදී සොරකමට අදාළව රුපියල් තුන්කෝටි පහලොස් ලක්ෂ පහලොස්දහස් දෙසිය අනූඑකක් ඔහු සන්තකයේ තිබී සොයා ගෙන තිබෙනවා.
සැකකරු 35 හැවිරිදි තම්මිට මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය හා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරනවා.