රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට අද (19) දිනයේදී යම් කලබලයක් ඇති වෙයැයි දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වෙනවා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රවී කරුණානායකගේ නම යෝජනා කිරීමත් සමඟ එම පක්ෂයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන ඊයේ (18) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පත් කිරීම නිත්‍යානුකූල නොමැති බව ප්‍රකාශ කර සිටිනවා .
ඔහු පවසා සිටියේ සිය පක්ෂයෙන් නොවිමසා ගත් තීන්දුවක් බවයි.
කෙසේ වෙතත් ඊයේ(18) එම පෙරමුණ නියෝජනය කරන පාර්ශව කිහිපයක්ම රවී කරුණානායකගේ නම පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා මතු කර තිබෙනවා .