උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලිම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.
විශේෂ වැටලිම් සහ විමර්ශන වැඩසටහන ලබන ජනවාරි 15 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසන්නේ.
ලබන 25 වනදා සිට ප්‍රධාන තොග අලෙවිසැල් සහ ගබඩා පරීක්ෂා කිරිමට නියමිතයි.
කල් ඉකුත්වු හා තොරතුරු වෙනස් කළ භාණ්ඩ වෙළදපලට පැමිණිම වැළැක්විම එහි අරමුණයි.
සුපිරි වෙළදසැල්ද ඇතුළුව සිල්ලර වෙළදසැල් සහ සේල් හා ජංගම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමුකිරිමට නියමිත බවයි පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ.
අත්‍යවශය භාණ්ඩ වලට අමතරව ඇදුම් පැළඳුම් / කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණද පරීක්ෂා කෙරෙනු ඇතියි.
උත්සව සමයේ එම භාණ්ඩ වලට වැඩි ඉල්ලුමක් පැවතිම ඊට හේතුවයි.
පාරිභෝගිකයන්ට ඇතිවන ගැටලු 1977 කෙටි දුරකතන අංකය ඔස්සේ පැමිණිලි කිරීමටද හැකියි.