පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති අතර ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පවසනවා .
2024 වර්ෂයේ මහ කන්නයට අදාළ පොහොර සහනාධාරය ලබා දීම පසුගිය ඔක්තෝම්බර් මස 14 වැනිදා ආරම්භ කළ අතර දිස්ත්‍රික්ක 22ක ගොවින් එක්ලක්ෂ නවදහසක් වෙනුවෙන් රුපියන් මිලියන 1292ක් ලබා දී ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
ඉන් ගොවින් 19,900ක් සිටින අම්පාර දිස්ත්‍රික්කයට මිලියන 291ක් වැඩිම වූ මුදල දී ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා .
පළමු අදියරේදි හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 15,000ක් ද දෙවන අදියර සඳහා රුපියල් 10,000ක් ලබා දිමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළ ඒ මහතා, පළමු අදියරේදී සහනාධාරය ලබා දිම සිදුවන්නේ කුඹුරේ ප්‍රථම සී සෑම අවසන් කර ඒ බව දැන්වූ වහාම බවයි පෙන්වා දුන්නේ.
පොළොන්නරුවේ ගොවීන් සඳහා කඩිනමින් පොහොර සහනාධාර ලබාදීම සිදු වන අතර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ගොවී ජනතාවගෙන් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියා .