නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද (19) දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
‘SAMIDARE’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Naoki KOGA සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් ද සිදු කෙරුණා.
තවද දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු සිදු කරනු ලැබුවා.