රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද (19) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කර සිටිනවා .
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යය මණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙන්නේ .
වර්ජනය සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහාය හිමිව තිබෙනවා .
කෙසේවෙතත් අදාළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද පස්වරු 4.30ට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව සම සභාපති ධම්මික එස්.ප්‍රියන්ත මහතා සඳහන් කර සිටිනවා .