ජාතික ජන බලවේගයේ නව රජයේ ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මැතිතුමා කොළඹ 07 රීඩ් මාවතේ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී වැඩභාර ගැනීම සිදුකර තිබෙනවා .
සිය පෞද්ගලික වාහනය එතුමා විසින්ම පදවාගෙන ක්‍රීඩා අමාත්‍යාංශයට පෑමිණි එතුමා පිළිගැනීම සිදු කළේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා විසින්.
මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අයත් ආයතන වල නිලධාරීන් ක්‍රීඩා සංගම්වල නිලධාරි ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වී තිබෙනවා .
වැඩ භාර ගැනීමෙන් අනතුරුව එතුමා ක්‍රීඩා යෞවන කටයුතු ක්ෂේත්රය සම්බන්ධව නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දැක්වීම සිදු කර තිබෙනවා .