අනුරාධපුර නගරයේ නිවෙස් බිඳ රුපියල් ලක්ෂ සියයක් පමණ වටිනාකමකින් යුතු මාණික්‍යයක්, රත්තරන් පවුම් විසි හයක පමණ ස්වර්ණාභරණ ඇතුළු ගෘහ උපකරණ සොරකම්කළ සැකකරුවෙකු අනුරාධපුර පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අනුරාධපුර , පුබුදුපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු විසිහතරක් පමණ වයසේ පසුවන මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවකු මෙසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ .
සැකකරු සහ සොරකම් කරන ලද රන් භාණ්ඩ ඇතුළු උපකරණ අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා .