කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කේ.ඩී. ලාල් කාන්ත මහතා බත්තරමුල්ල ගොවි ජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී නිල වශයෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබෙනවා.
අමාත්‍යාංශයේ ලේකම් M P N M වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, කාර්ය මණ්ඩලය එම අවස්ථාවට එක්ව සිටියා.