ඉන්දියාවේ දිල්ලි නුවර ඉහළම වායු දූෂණය ඊයේ (18) දින වාර්තා වූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා .
නවදිල්ලි අගනුවර ඇතුළුව දිල්ලි පළාතේ දිස්ත්‍රික්ක රැසක ඊයේ උදෑසන වන විට වායු දූෂණය බරපතළ තත්ත්වයකට හැරී තිබූ අතර දිල්ලියේ වායු ගුණත්ව දර්ශකයේ 481ක් ලෙස සටහන් වූ බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
වායු දූෂණයත් සමඟ පරිසරය අපැහැදිලි වීම හේතුවෙන් අවම වශයෙන් දිල්ලි නුවර වෙත පියාසර කරමින් තිබූ ගුවන් යානා 11ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යැවීමට ද සිදුවූ බව ඉන්දීය මාධ්‍ය සඳහන් සඳහන් කර තිබෙනවා .
මේ තත්ත්වය මත සෞඛ්‍යයට වඩාත්ම හානිකර සියුම් අංශ සහිත මාරාන්තික දූෂක මට්ටම ඉහළ ගොස් ඇති බවද වාර්තා වී යනවා .