ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා .
ගම්පහ ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියෙහි ඉගෙනුම ලබමින් සිට ඇති මෙම සිසුවා ගම්පහ , පහළගම ප්‍රදේශයේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක පස් වෙනි දරුවායි .
ගම්පහ පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා .