දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයෙකු ව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදාවේ වසරක කාලයක් සේවය කළ 27 හැවිරිදි පුද්ගලයෙකු සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.
ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අනුර කොස්තා නම් 46 හැවිරිදි අයෙක්.
සැකකරුවන් සමග වෙඩි තැබීමට යොදාගත් විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ පතරොම් හයක් මෙන්ම සැකකරුවන් වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියද කොටස් කර තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංක නැමැත්තා සහ අසන්ත කුමාර නොහොත් ලැටා යන පුද්ගලයන් විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.