නාවික හමුදාව මෙම වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් සිදු කරනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්විම සඳහා ආරක්ෂක අංශ මැදිහත්විමෙන් විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.
ඒ අනුව මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන එන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව මෙහෙයුම් සිදුකරනවා.
ඒ අනුව නීතිවිරෝධි ලෙස මත්ද්‍රව්‍ය රැගෙන එන බෝට්ටු බහුධින ධිවර යාත්‍රා මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පසුගිය කාලය පුරාම නාවික හමුදාව පියවර ගත්තා.
පෙරේදා දිනයේදි ද හෙරොයින් කිලෝ 40 ක් සමග සැකකරුවන් 5 දෙනෙකු ගැඹුරු මුහුදේදි අත්අඩංගුවට ගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හුමදාව කටයුතු කළා.
මේ අනුව මෙම වසරේ සිදුකළ මෙහෙයුම් වලින් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය වල වීදී වටිනාකම රුපියල් මිලියන 18,790 ඉක්මවනවා.