වීසා කාලය ඉක්මවා නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි බංග්ලාදේශ ජාතිකයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසිය සඳහන් කළා.
ඉරානය සහ සෞදි ආරාබියට පිටත්ව යාමේ අදහසින් ඔවුන් ආඩිඅම්බලම කෝවින්න ප්රදේශයේ රැඳී සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
විමර්ෂණ සඳහා ප්රකාශ ලබා ගැනීමට භාෂා පරිවර්තකයෙකුගේ සහාය ලබා ගැනීමට ද පොලිසියට සිදුවුණා.
අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයින් පිරිස මිනුවන්ගොඩ මහේස්ත්රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.