හිටපු මන්ත්රි සුජීව සේනසිංහ මහතාට මරණ තර්ජන එල්ල කළ බව කියන ඇමතුමක් ලබාදුන් දුරකතන අංකය හඳුනාගැනීම සඳහා ඔහුගේ දුරකතන අංක පිළිබද වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ දුරකතන සමාගමට නියෝග කෙරුණා.
කොටුව මහේස්ත්රාත් අධිකරණයයි මෙම නියෝගය නිකුත් කළේ.
නීතිවිරෝධිව එකලස් කළ වාහනයක් භාවිත කළ බවට සුජීව සේනසිංහ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔහු දුරකතනයෙන් ඇමතු නාදුනන පුද්ගලයෙකු අදාළ වාහනය ගැන පරුෂ වචනයෙන් විමසා මරණ තර්ජන එල්ල කළ බවයි සේනසිංහ මහතාගේ පැමිණිල්ල මෙහෙයවමින් කොල්ලුපිටිය පොලිසිය පැවසුවේ.
අදාළ ඇමතුම ලබාදුන් සැකකරු හදුනාගැනීම සඳහා දුරකතන අංක වාර්තාවක් ලබාගත යුතු බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුවයි අධිකරණය අදාළ දුරකතන සමාගමට ඒ පිළිබද නියෝගය ලබාදුන්නේ.