නීතිවිරෝධිව මෙරටට ගෙන්වු රුපියල් කෝටි 100 ක් පමණ වටිනා ඖෂධ තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබි අත්අඩංගුවට ගත් බව ශ්‍රි ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකාය සඳහන් කළා.
වේදනා නාශකයක් ලෙස සැලකෙන එම ඖෂධය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් විසින් බහුලව භාවිත කරන බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.
පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් ජාවාරම්කරුවන් මෙම ඖෂධය අලෙවි කරන බවත් රේගුව සඳහන් කළා.
එය ගෙන්විම සඳහා අවශ්‍ය වන එන් එම් ආර් ඒ බලපත්රයද ආනයනකරු ලබාගෙන නැහැ.
පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වු එම ඖෂධ කරල් ලක්ෂ 18 ක් පමණ ගබඩා කර තිබියදි සොයාගැනිමට හැකිවුණා.
සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි රේගු නිලධාරින් පවසන්නේ.