තණමල්විල පොලිස් බල ප්රදේශයට අයත් කිතුල්කොටේ ප්රදේශයේ දී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වනඅලියෙක් මියගොස් තිබෙනවා.
වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා දමා තිබූ විදුලි රැහැනක මෙම වනඅලියා ගැටී මෙලෙස මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසන්නේ.
මියගිය වනඅලියා වයස අවුරුදු පහලොවක් පමණවන අලියෙක් වන අතර මෙම අලියා මිය යාමෙන් පසු කිසියම් පිරිසක් විසින් අලියාගේ වල්ගයේ තිබූ රෝම කොටස් ද ගලවාගෙන ගොස් ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.
මෙම අලි මරණය සම්බන්ධයෙන් එම ඉඩම් හිමියා වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කලුපාලම වනජීවි
කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.