මවුරි පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් දහස් ගණනක් ජනතාව නවසීලන්ත පාර්ලිමේන්තුව අවට රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නවසීලන්තයේ මවුරි ජනතාව සමඟ ඇතිකරගත් ගිවිසුම නැවත සලකා බලමින් ඉදිරිපත් කෙරෙන පනතකට එරෙහිව 35,000ක පිරිසක් නවසීලන්ත අගනුවර විරෝධතාවයක නිරත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙලින්ටන් උද්‍යානයේ සිට පාර්ලිමේන්තුව දක්වා පෙළපාලි වලින් ගමන් කරමින් දින නවයක කාලයක් මෙම විරෝධතා පැවැත්වීමද විශේෂත්වයක්.
බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් හා මවුරි ජනයා අතර ඉඩම් සහ සංස්කෘතික අයිතිවාසිකම් වැනි කරුණු ආවරණය වන වසර 184ක් පැරණි වයිටැන්ගී ගිවිසුම නැවත සලකා බැලීම මෙම නව පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණයි.
බොහෝ දෙනා පවසන්නේ එය ආදිවාසීන්ගේ අයිතිවාසිකම් වලට බාධා ඇති කරන බවයි.