අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහා අද (19) පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.
නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයීම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.