ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු නිල සංචාරය ලෙස ඉන්දියාවට යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (18) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සංචාරයේදී අනුර දිසානායක මහතා ඉන්දීය රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙක්ද හමුවීමට නියමිතයි.