නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කිරීමත් සමඟ පක්ෂය තුළ අර්බුදයක් මතුව තිබෙනවා.
ජාතික සමගි පෙරමුණේ නායක අසාද්සාලි මහතා ප්රකාශ කළේ හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෝ වෙනත් කිසිවෙකු මේ සම්බන්ධයෙන් දැනුවත් නැති බවයි.
මහ මැතිවරණ ප්රතිඵලවලට අනුව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්රී ධුර දෙකක් හිමිවුණා.
ඒ සඳහා නම් යෝජනා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබුණා.
පක්ෂ කිහිපයක් නම් යෝජනා කළද ජාතික ලැයිස්තු මන්ත්රී ධුර සඳහා නම් පසුව දැනුම්දෙන බවටයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඊයේ ප්රකාශ කළේ.
එවැනි පසුබිමක් හමුවේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ මන්ත්රී ධුර නම්කිරීම සඳහා වන සාකච්ඡාවක් අද පැවැත්වුණා.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට උදෑසන ගන්නා බවටයි එහිදී තීරණය වී තිබෙන්නේ.
කෙසේ වෙතත් පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා පක්ෂයේ සෙසු සාමාජිකයින් කිසිදු දැනුවත් කිරීමකින් තොරව ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම්කර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවටයි අසාද් සාලි මහතා චෝදනා කරන්නේ.