රොයිටර්, ඇසෝසියේටඩ් ප්‍රෙස් හා නිව් යෝර්ක් ටයිම්ස් ඇතුළු විවිධ ප්රවෘත්ති සේවා වාර්තා කරන්නේ ඇමරිකාව සපයන ලද මිසයිල රුසියාව තුළ භාවිත කිරීමට යුක්රේනයට අවසර ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් ධවල මන්දිරය මෙම වාර්තා පිළිබඳ අදහස් දක්වා නැහැ.
යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට අවසර ලැබී ඇති බවයි.
එල්ල වන මිසයිල ප්‍රහාර තුළින් ඒ පිලිබඳ සනාථ වනු ඇති බව ඔහු කියා සිටියා.
රුසියාව පවසන්නේ ඇමරිකාව සපයන ලද මිසයිල වලින් රුසියාවට පහර දීමට ඉඩ දීම තුන්වන ලෝක යුද්ධයකට හේතුවක් වනු ඇති බවයි.
හිස්බුල්ලා සංවිධානයේ මාධ්‍ය ප්‍රධානී මොහොමඩ් අෆීෆ් මධ්‍යම බීරූට් හි ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව එම සංවිධානය පවසනවා.
ලෙබනන ජාතික පුවත් ඒජන්සියට අනුව ජනාකීර්ණ ප්‍රදේශයක් වන රාස් අල්-නාබා ප්‍රදේශයේ බාත් දේශපාලන පක්ෂ මූලස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා .
එම ප්‍රහාරයට හසුව හිස්බුල්ලා මාධ්‍ය ප්‍රධානියා ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පුද්ගලයින් 14 දෙනෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙන බව වාර්තා වෙනවා .
හිස්බුල්ලා සංවිධානයේ ඉතිරිව සිටින ප්‍රසිද්ධ කිහිප දෙනාගෙන් එක් අයෙකු වන අෆීෆ් අවසන් වරට දැක ඇත්තේ පසුගිය සඳුදායි.
ඒ ඔහු පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.