මහ මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් ආදායම් හා වියදම් වාර්තා දෙසැම්බර් 6 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ ප්රචාරක වියදම් ඇතුළත් ආදායම් හා වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින 21ක් ඇතුළත භාරදිය යුතු වෙන බවයි සඳහන් වන්නේ ..
ඒ අනුව දෙසැම්බර් 6 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර මෙම වාර්තා එක් එක් මැතිවරණ කොට්ඨාසයේ තේරීම් භාර නිලධාරී වෙත භාරදිය යුතුයි.
ජාතික ලැයිස්තුවෙන් නම් කළ අපේක්ෂකයින් ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය වෙත භාරදිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
මෙම ආදායම් වියදම් වාර්තා දෙසැම්බර් 17 වනදා සිට තේරීම් භාර නිලධාරී කාර්යාලවල සහ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී ප්‍රදර්ශනය කෙරෙනවා.
මේ අතර නව රජයේ කැබිනට් මණ්ඩලය සීමා කිරීම යහපත් ප්‍රවණතාවක් බවයි කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ.