මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40ක් සමඟ ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ගොඩබිමට රැගෙන ඒම අද සිදුකෙරුණා.
ගන්දර ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවකුයි නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැණුනේ.
සුදු දෝණි නමැති බහුදින ධීවර යාත්‍රාව ගන්දර වරායෙන් පිටත්ව ගොස් තිබෙන්නේ පසුගිය 4 වනදායි.
නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව ශ්‍රී ලංකාවට බටහිර දෙසින් කිලෝමීටර් 200ක් පමණ වූ ගැඹුරු මුහුදු තීරයේ දී වැටලීමක් සිදුකෙරුණා.
ඒ අනුවයි මෙම බහුදින ධීවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40ක් ඊයේ දිනයේ සොයා ගැණුනේ.
සැකකරුවන් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කළා.
එම මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කදවුරු ජැටිය වෙත රැගෙන ඒම අද සිදුකෙරුණා.
නාවික හමුදාවේ දකුණු පළාත භාර ආඥාපති රියර් අද්මිරාල් චන්දිම සිල්වා මහතා මෙම ස්ථානයට පැමිණ මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කරනු ලැබුවා .