මහජන බැංකුවේ නව සභාපති මහාචාර්ය පී. එන්. ඩී. ප්‍රනාන්දු මහතා අද සිය රාජකාරී කටයුතු ආරම්භ කළ තිබෙනවා.
මහාචාර්ය පීඑන්ඩී ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස වැඩභාර ගැනීම සිදුකළේ එම බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදීයි.
මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍යධිකාරී ක්ලරයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජේෂ්ඨ කළමනාකාරීත්වය එම අවස්ථාවට එක්ව සිටියා.
මූල්‍ය / බැංකු හා උසස් අධ්‍යාපනය පිළිබද වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යන අංශයේ මහාචාර්ය වරයෙකු සහ අංශ ප්‍රධානියෙකු මෙන්ම වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨයේ පීඨාධිපතිවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
විශ්වවිද්‍යාලය තුළ වසර 27කට වැඩි ශාස්ත්‍රීය මෙහෙවරක නිරතවූ ඒ මහතා නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වාදෙමින් මෙරට මූල්‍ය අධ්‍යාපනයේ ප්රමිතීන් ඉහළ නැංවීම සදහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළා.
විදේශ විශ්වවිද්‍යාල කිහිපයකින් පශ්චාත් උපාධි ලැබූ මහාචාර්ය පීඑන්ඩී ප්‍රනාන්දු මහතා මෙරට ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතන කිහිපයකම උපදේශකවරයෙකු හා සම්පත් දායකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.