ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 17 වන අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (18) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා .
අනතුරුව මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා .