විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ලෙස දිවුරුම් දුන් විජිත හේරත් මහතා අද (18)දින පස්වරුවේ සිය අමාත්‍ය ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා .
ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි .
එමෙන්ම ඔහු මීට පෙර 2004-2005 වසරේ එවකට පැවති රජයේ සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ ඔහු මෙවර ඉහළ මනාප සංඛ්‍යාවක් ලබාගෙනයි නැවත පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ.
ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිධාරියෙක් .