හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහි නඩුවක් වැඩිදුර විභාගය සඳහා මාර්තු (26) වනදා යළි කැදවීමට නියම කෙරුණා.
අමාත්‍යවරයෙකු ලෙස සිටියදී රුපියල් මිලියන 75කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස උපයාගත් බවට චෝදනා කරමිනුයි විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙන්නේ.
2010 සිට 2014 දක්වා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අදාළ වරද සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.
ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම මගින් ගොනු කර තිබූ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ අද යළි විභාගයට ගැනුනා.
පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා නඩුව මාර්තු 26 වනදා තෙක් කල්තැබුණා.