ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ අභ්‍යන්තර ව්‍යූහයේ වෙනසක් සමගින් ඉදිරියේදී වඩාත් පුළුල් වශයෙන් දේශපාලන කටයුතුවල නියැලෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා .
මහනුවරදී අද (18 )දින ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අස්ගිරි මහා විහාරයට ගිය ඒ මහතා අස්ගිරි මහා නා හිමි අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි බැහැදක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා .
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ ඕනෑම පක්ෂයක වැටීම මෙන්ම නැගිටීම මෙරට දේශපාලනයේ සාමාන්‍ය දෙයක් බවයි .
පසුගිය සමයේ මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් උදාහරණ දිය හැකි බව සඳහන් කළ මහතා තවදුරටත් කියා සිටියේ තම පක්ෂයේ මෙන්ම තමන්ගේ ද අඩුපාඩු හදා ගනිමින් ජනතාවාදි පක්ෂයක් වශයෙන් ඉදිරියේදී කටයුතු කරන බවයි .
පසුව අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ වත්මන් රජයේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ යම් අදහසක් පළ කළ නොහැකි අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අදහස් පළ කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිනවා .
තම පක්ෂයේ සිට තවත් පක්ෂයකට ගොස් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරු නැවත පක්ෂයට බඳවා ගැනීමේ ස්ථිර තීරණයක් මේ දක්වා ගෙන නොමැති අතර නමුත් ඔවුන් සමඟ පාර්ලිමේන්තුවේ එක්ව විපක්ෂය වශයෙන් කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ .