නවගමුව ප්‍රදේශීය මූලික රෝහල් පරිශ්‍රයේ පිහිටි ඖෂධ සහ උපකරණ ගබඩාවක අද (18) උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා.
නවගමුව පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන හමුදා ඒකකය විසින් මෙම ගින්න සාර්ථකව මැඩ පැවැත්වීමට සමත් වුණා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවූ අලාභය තක්සේරු කරන බවයි , නවගමුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසන්නේ.
නවගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.