මළ සිරුරු 6ක් සොයාගැනීමෙන් පසු ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ යළිත් වාර්ගික ගැටුම් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බහුතරයක් මෙයිටි ප්‍රජාවට අයත් පිරිස් ජීවත් වන මෙම ප්‍රදේශයේ කාන්තාවන් හා ළමයින් හය දෙනෙකුගේ සිරුරු බලධාරීන් විසින් සොයා ගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ හේතුවෙන් ඉන්දියාවේ ඊසානදිග මනිපූර් ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබෙනවා.
සුළුතර කුකී කණ්ඩායමේ පුද්ගලයින් විසින් ඔවුන් පැහැරගෙන ගිය බවට මෙයිටි කණ්ඩායම් චෝදනා කරන්නේ.
කෙසේ වෙතත් පොලිසිය මෙය තහවුරු කර නැහැ.
මෙම ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර පසුගිය මැයි මාසයේ සිට ගැටුම් හටගෙන ඇති අතර 200 කට ආසන්න පිරිසක් මිය ගොස් දහස් ගණනක් අවතැන්ව සිටිනවා.