නායයාමක් හේතුවෙන් බදුල්ල පස්සර මාර්ගය 13 කණුව ප්‍රදේශයෙන් මුලුමනින්ම වැසීගොස් තිබෙන අතර එම ප්‍රදේශයේ මාර්ගය සම්පුර්ණයෙන්ම වසා ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
විශාල නායාමකින් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
අදාල සහන කණ්ඩායම් සමග බැකෝ යන්ත්‍ර මෙම ස්ථානය වෙත මේ වනවිටත් යොමු කර ඇති බැවින් කඩා වැටී ඇති ගල් පර්වත ගස් හා පස් කඳු ඉවත් කිරීම පෙරවරුවේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරයා සඳහන් කළා.