වර්ෂාවත් සමග ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරනවා.
වර්ෂාවත් සමග මදුරු ගහණය ඉහළ ගොස් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
මේ වනවිට වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 44,000ක් පමණ වාර්තා වී තිබෙනවා.
ඩෙංගු මරණ 21ක්ද වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව එකොළොස් දහස් හැත්තෑ අටක්.
ගම්පහ, යාපනය, මහනුවර, රත්නපුර, කළුතර, ආදී දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වැඩිවශයෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ තවදුරටත් සඳහන් කරන්නේ.