උතුරු, දකුණු, නැගෙනහිර සමස්ත ශ්රී ලාංකීය ජනතාවම අපේක්ෂා සහගතව ලබාදුන් අසීමිත ජනවරමේ සීමාව හොදින් හදුනන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
දීර්ඝ කාලයක් පුරා අනේක දුක්ගැහැට විදිමින් පොරබදා ලබාගත් මෙම බලයේ ගෞරවය බලය ලබාදුන් ජනතාවගේ යහපත වෙනුවෙන් පමණක්ම යොදවන බවයි ඒ මහතා ප්රකාශ කළේ.
සීමා මායිම් නැතිව අප ගැන තැබූ විශ්වාසය තුළින් ආර්ථික, නීතිය, ආගම, සංස්කෘතිය ඇතුළු සියලුම ක්ෂේත්රවල නිදහස තහවුරු කිරීම වෙනුවෙන් කැපවන බවද ජනාධිපතිවරයා ප්රකාශ කළා.
නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළා.