නායයාමක් හේතුවෙන් බදුල්ල පස්සර මාර්ගය 13 කණුව ප්රදේශයෙන් මුලුමනින්ම වැසීගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
බදුල්ල පස්සර ලුණුගල ඒ 5 මාර්ගයේ 13 කණුව ඔත්තේ කඩේ ප්රදේශය නායයාමට ලක්ව තිබෙනවා.
ඒ සමග මාර්ගයට පස් සහ ගල් කඩා වැටීමෙන් මීටර් 60ක පමණ ප්රදේශයක් සම්පූර්ණයෙන්ම වැසී ගොසින්.
මේ හේතුවෙන් බදුල්ල සිට බිබිල, මඩකලුපව, මොනරාගල, අම්පාර, මහඔය ආදී ප්රදේශවලට වාහන ධාවනය මුළුමනින්ම ඇනහිට තිබෙනවා.
මාර්ගයට ඉහළ කදුකර ප්රදේශය මෙලෙස නායාගොස් ඇත්තේ වර්ෂාවත් නොමැති අවස්ථාවකයි.
මාර්ගයේ නවතා තිබූ ත්රි රෝද රථ තුනකට හානි සිදුව තිබෙනවා.
පුද්ගල හානි සිදුව නැහැ.