වෙඩිතලතිව් යුද හමුදා අධුනික කඳවුරේ උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් 460ට වැඩි පිරිසක් නිරෝධායනයට ලක්කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදා වෙඩිතලතිව් ආධුනික පුහුණු පාසලේ පුහුණුව ලබන සෙබලුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් පුහුණුවීම් තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සෙබලුන් 460 දෙනෙකුට වැඩි පිරිසක් නිරෝධායනයට ලක්කර සිටිනවා.
උණ රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග 25 දෙනෙකුට කවැඩි පිරිසක් රෝහල්ගත කිරීමෙන් පසු මේ වනවිටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු ජාතික බෝ නොවන රෝග විද්‍යායතනය වෙත යොමුකර තිබෙනවා.
කෙසේ වෙතත් උණ රෝගය පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.