නව රජයේ අබිනව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතයි.
2024 මහ මැතිවරණයෙන් ජාතික ජනබලවේගය මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 21ක් ජයග්‍රහණය කරමින් ජාතික ලැයිස්තු මන්ත්රිධුරත් ඇතුළුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 159ක් දිනාගත්තා.
ඒ අනුවයි නව රජය සඳහා කැබිනට් මණ්ඩලය අද (18) දිවුරුම් දෙනු ලබන්නේ.
නව කැබිනෙට්ටුව ඇමැතිවරු 25කට අඩුවෙන් හා නියෝජ්‍ය ඇමැතිවරු 27කින් සමන්විත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරුන් සමග සමස්ත අමාත්‍ය මණ්ඩලය 50 දෙනෙකුට අඩු බවද වාර්තා වනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ එම අමාත්‍යවරුන් අද (18) දිවුරුම් දීමට නියමිතයි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු නොවන බවයි පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ.
විෂයානුබද්ධ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව අමාත්‍යාංශ සකස් කොට ඇති බවද වාර්තා වනවා.
ජනාධිපතිවරණයෙන් පසුව මේ වන තුරුත් පවතින්නේ අමාත්‍යවරුන් තුන් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක්.