සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (16) වන දින කොළඹ වරායට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ නෞකාව පැමිණ තිබෙනවා.
එම නෞකාව සිය සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව අද (17) දින කොළඹ වරායෙන් පිටත්ව යාම සිදු කෙරුණු අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කෙරුණා.