ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ පිහිටා ඇති මහාබෝධි විහාරයේ බිත්ති කිහිපයක ඉරිතැලීම් දක්නට ලැබෙන බව වියෝන් පුවත් සේවය සඳහන් කරනවා.
සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වූ ස්ථානයේ ඉදිකර ඇති මහාබෝධි විහාරය යුනෙස්කෝ ලෝක උරුමයක් වනවා.
විහාර ගොඩනැගිල්ලේ විවිධ ස්ථානවල ඉරිතැලීම් හා බදාම කඩාවැටීමේ සිද්ධි වාර්තා වූ බවයි මහාබෝධි විහාරයේ කළමණාකාර කමිටුව වියෝන් පුවත්සේවය සිදු කළ විමසීමකට පිළිතුරු සපයමින් සදහන් කර ඇත්තේ.
ඇතැම් ස්ථානයන්හි යකඩ කූරු පවා දක්නට ලැබෙන බව වාර්තා වනවා.
මෙම තත්ත්වය මිලියන සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ගේ / සංචාරකයින්ගේ හා බෞද්ධ භික්ෂූන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇති බවයි වියෝන් පුවත් සේවය තව දුරටත් පෙන්වා දෙන්නේ.
2014 වසරේදී මහාබෝධි විහාරය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සූදානම් වුවද එය මේ වන තෙක් ක්‍රියාත්මක වී නැහැ. ඊට අවශ්‍ය විශේෂඥ දැනුම හා සම්පත් තමන් සතුව නොමැති බවයි මහාබෝධි විහාර කළමණාකාර කමිටුව පවසන්නේ.