ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් (05)ක් ඊයේ (16) දින නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙලෙස භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ.
එම ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය 40kg පමණ තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළා.
එම බහුදින යාත්‍රාව සහ සැකකරුවන්, වැඩිදුර පරික්ෂාව සහ ඉදිරී නීතිමය කටයුතු සඳහා නාවික හමුදාව විසින් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටිනවා.