ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්රදේශයේදී ඊයේ (16) දින නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර (03) අසුරන ලද බීඩි කොළ 1263kg තොගයක් සහ (තෙත බර සහිත) බීඩි 118kg සමග පුද්ගලයන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිවෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 සහ 36 හැවිරිදි කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන්.
තවද නීති විරෝධීව මෙම බීඩි කොළ රැගෙන ආ ඩිංගි යාත්රාවක්ද භාරයට ගත් බවයි නාවික හමුදාව පවසනේ.
සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා වයඹ පළාත් සුරාබදු විශේෂ ඒකකය වෙත භාර දීමට නියමිතයි .