45 වන දුරස්ථ ග්රහණය පිළිබඳ ආසියා සමුළුව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා.
ලබන 21 වනදා දක්වා දින 05 ක් පුරා පැවැත් වෙනවා.
දුරස්ථ ග්රහණය පිළිබඳ ආසියා සංවිධානයයි මෙය සංවිධාන කරන්නේ.
ආසියා රටවල් 29 ක සාමාජිකයන් ඊට එක්වන අතර යුරෝපා රටවල නියෝජිතයන් ද මෙවර සමුළුවට සහභාගී වනවා.
දුරස්ථව ලබා ගන්නා තොරතුරු ඇසුරෙන් තොරතුරු හුවමාරුව තාක්ෂණය දැනුම වැඩිදියුණු කර ගැනීම පිළිබද මෙහි අවධානය යොමු කෙරෙනවා.
සමුළුවේ සමාරම්භක අවස්ථාවට මිනුම්පති සුදත් පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක් වුණා.