වර්ථමානයේ නිර්මාණය වී ඇති තාක්ෂණික වටපිටාව කාර්යාල තුලද ගොඩනැගිය යුතු බව නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
නැගෙනහිර පළාතේ වායු සමීකරණය කළ පුස්තකාලය, ව්‍යායාම ශාලාව සහ සම්මන්ත්රණ ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
නැගෙනහිර පළාතේ පොලිසිවල මූලික පහසුකම් හා අවශ්‍යතා සම්පූර්ණ කිරීම සදහා පොලිස් දෙපාර්තමේන්තුව ගෙන යන වැඩපිළිවෙල යටතේයි මෙය සිදු කෙරුණේ.