බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් යතුරු පැදියක් යටකරගෙන යාමෙන් එහි සිටි පුද්ලගලයා ජීවිතක්ෂයට පත් වුණා.
බොරැල්ල කනත්ත පිටුපස කිතුල්වත්ත මාර්ගයේ අධික වේගයෙන් පැමිණෙන මෝටර් රථය යතුරුපැදියේ ගැටීමත් සමග එය යටකරගෙන ධාවනය කිරීමට රියදුරු ක්රියාකර ඇති බවටයි වාර්තා වුණේ.
ඒ හේතුවෙන් යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේම මිය ගොස් තිබෙනවා.
අනතුර සිදු වනවාත් සමගම මෝටර් රථයේ සිටි පුද්ගලයකු එහි තිබූ කැමරාව ගලවාගෙන ගිය බවයි ප්රදේශවාසීන් ප්රකාශ කළේ.
පොලොන්නරුව මහියංගනය ප්රධාන මාර්ගයේ බදනාගල ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින්ද පුද්ගලයෙකු මිය ගියා.
මෝටර් රථයක් සහ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ඉන් මිය ගියේ වයස අවුරුදු 31 ක දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයේ පදිංචිකරුවකුයි.
මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය මීට හේතු වී ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.