IMF වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා වන සාකච්ඡා පැවැත්වීමට විශේෂ නියෝජිත කණ්ඩායම අද දිවයිනට පැමිණෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම ලබන 23 වනදා දක්වා මෙරට රැඳී සිටිනවා.
මෙම සාකච්ඡාවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළඟ වාරිකය ලබා දීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත්වීමත් සමග IMF දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.
ජනාධිපතිවරයා සහ කණ්ඩායම් සමග එහිදී ඵලදායි සාකච්ඡාව පැවැත්වීමට හැකි වූ බවයි IMF ආසියා පැසිෆික් කලාපයේ අධ්යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කළේ.
IMF වැඩසටහනේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතයක් අත්කරගෙන ඇති බවද ශ්‍රීනිවාසන් එහිදී සඳහන් කළා.
ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ලබාගත් සාර්ථකත්වය මත ගොඩනැගිය යුතු බවයි ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ.
ශ්‍රී ලංකාවේ නව රජය IMF වැඩසටහනට පූර්ණ වශයෙන් කැපවී සිටින බව පැහැදිලි බව ද ශ්‍රී නිවාසන් මෙහිදී අවධාරණය කළා.
මීළඟ ඇගයීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමක් වොෂිංටන් නුවරට පැමිණ සිටින අතර ඔවුන් සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවයි ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් කියා සිටියේ.
සාකච්ඡා ඉතා හොඳ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවට ගිය පසුවත් සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.