නීති විරෝධී ව රජයට අය විය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන ලද නීති විරෝධී දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය i හි උප පොලිස් පරීක්ෂක ඩි.ඩි.ඒ. ජයසාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගමුව පොලිස් වසමේ අංක 46/1 යූසුප් හාජියාර් මාවත, පෙරියමුල්ල මීගමුව ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීම සිදු කර තිබෙනවා.
එහි දී නීති විරෝධීව තීරු බදු නොගෙවා හොර රහසේ මෙරටට ගෙන්වන ලද දුම්වැටි 1,900 ක් සන්තකයේ තබාගෙන සිටි මීගමුව ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.