උතුරු ඉන්දියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උතුරු ඉන්දියාවේ රෝහලක නව ජන්ම වාට්ටුවේ ඇති වූ ගින්නකින් මෙලෙස අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
උත්තර් ප්රදේශ් ප්රාන්තයේ ජන්සි නගරයේ පිහිටි රෝහලේයි ගින්ම හට ගත්තේ.
කාර්ය මණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් ළදරුවන් 44 දෙනෙකු බේරා ගැනීමට සමත් වූ අතර 16 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි බලධාරීන් පවසන්නේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් වන්නට ඇති බවයි වාර්තා වන්නේ.