කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.
හුංගම වේල්ල හරහා ගලා බසින කච්චිගල් ආර උතුරා යෑම හේතුවෙන් අදාළ ප්‍රදේශය මෙලෙස ජලයෙන් යටවී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
පසුගියදා ඇඹිලිපිටිය ආසන්න ප්‍රදේශවලට ඇද හැලුනු තද වැසි මෙම ජල ගැලීම් තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
එමෙන්ම මහවැලි කලාපයේ ජලය පහත්බිම් වලට ගලා යාම ද මෙලෙස ජලය පිටාර ගැලීම ද තවත් හේතුවක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.
මේ අතර අදාළ ප්‍රදේශය ආසන්නයේ පහත්බිම්වල පිහිටා ඇති කුඹුරු ද ජලයෙන් යටවී තිබෙනවා.