මෙරට මැතිවරණ ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කළ මැතිවරණයක් ලෙස මෙවර මහ මැතිවරණය ඉතිහාසයට එක්වනවා.
ඒ ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක වැඩිම මනාප හිමි කරගත් වාර්තාව ද සමගින්.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩිම මනාප හිමි කරගත් අපේක්ෂකයා ලෙස තේරී පත් වන්නේ ජාතික ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු අමාත්‍ය විජිත හේරත් මහතායි.
මෙහිදි ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව හත්ලක්ෂ දහසයදහස් හත්සිය පහළවක්.
එය මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ලෙස සනිටුහන් වනවා.
මීට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකදී තනි අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප ප්‍රමාණය ලබාගෙන තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.
2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඒ මහතා මනාප පන්ලක්ෂ විසිහත්දහස් තුන්සිය හැටහතරක් ලබා ගැනීමට සමත්වුණා.
නමුත් අමාත්‍ය විජිත හේරත් මහතා මෙවර මැතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මනාප වාර්තාව බිඳ දැමීමට සමත්වුණේ ඔහුට වඩා වැඩි මනාප එක්ලක්ෂ අසූනවදහස් තුන්සිය පනස්එකක් ලබා ගනිමින්.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මනාප හයලක්ෂ පනස්පන්දහස් දෙසිය අසූනවයක් ලබා ගැනීමට සමත්වුණේ කොළඹ දිස්ත්‍රික්කය තුළ මෙතෙක් ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් හිමි කර ගනිමින්.