ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක බලවතුන් සාමාජ මාධ්‍ය ඔස්සේ අද සිය සුබපැතුම් එක්කර තිබුණා.
ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක්කර තිබෙනවා.
එක්ස් පණිවඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ අසල්වැසි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන බවයි.
දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමාටා මහතා ද ශ්‍රී ලංකාවේ සාමකාමී පාර්ලිමේන්තු මැතිවරණයට සුබපැතුම් එක්කර තිබෙනවා.
ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය තුළ ශ්‍රී ලාංකේය ජනතාවගේ ක්‍රියාකාරී මැදිහත්වීම අගය කරන බවයි ඒ මහතා පවසන්නේ.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසය සහ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.